2014-09-26

How To Create Sent To Menu Option

හායි යාලුවනේ අද ආවෙ පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න. මේක ගොඩක් පහසුයි හදාගත්තම, ඔයාල කව්රුත් දන්නවනේ කන්ටෙක්ස් මෙනු එකේ sent to ඔප්ෂන් එක, එකේ තියෙන්නේ පහල ස්ක්‍රීන්ෂොට් එකේ වගේ සාමාන්‍ය ඔප්ෂන් ටිකනේ..
මේකට අපේ පරිගණකයේ ඕන තැනකට සෙන්ඩ් කරන්න පුළුවන් විදියට ඔප්ෂන් දැම්මොත් කොහොමද, එක ලොකු පහසුවක් වගේම පරිගණකය පිළිවෙලට තියාගන්නත් පුළුවන්. ඔයාල ඩව්න්ලෝඩ් කරන ලට්ට ලොට්ට සේරම ගොඩගැහෙන්නෙත් නැ, අත්දැකීමෙන් කියන්නේ ඇ... 
හරි දැන් තෙරුනානේ කාරනේ. එනම් වැඩේට බහිමු.

01. මුලින්ම රයිට් ක්ලික් කරලා New ➡ Shortcut යන්න..

02. ඊට පස්සෙ මේවගේ එකක් ඒවි.. 

03. ඔයාට සෙන්ඩ් කරන්න ඕන පාත් එක සිලෙක්ට් කරන්න..

04. දැන් මෙහෙම එකක් ඒවි ඔයා සිලෙක්ට් කර පත් එකත් එක්ක, ඊට පස්සෙ next කරන්න..

05. ඔයා හදපු ශෝට්කට් එකේ නේම් එක ඔයාට කැමති එකක් දාගන් නැත්තම් තියන එකම තියල finish දෙන්න..
මේ තියෙන හදපු ශෝට්කට් එක,

06. මුලින්ම ඔයාගේ පරිගණකයේ hidden අරින්න. දැන් මේ පාත් එකට යන්න,
උදා: C:\Users\Krish MaX\AppData\Roaming\Microsoft\Windows\SendTo

07. දැන් අපි හදාගත්ත Shortcut එක ගියපු පාත් එකේ SendTo කියන ෆෝල්ඩර් එකේ ඇතුලට දාන්න,

හරි දැන් වැඩේ හරි, දැන් බලන්න ඔයාගේ මොකක්හරි ෆෝල්ඩර් එකක රයිට් ක්ලික් කරලා Sent To මෙනු එකට ගිහින්, වැඩේ හරිනම් මෙහෙම පෙන්නයි.

වැඩේ හොඳනම් නිකම්ම යන්නෙ නැතුව ශෙයා පාරක් දාලා හදිස්සි නැත්තම් කමෙන්ටුවකුත් දාල යනු මැනවි...
  මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ටුවක් දාන්න. දැක්ක ගමන් පිළිතුරු සපයන්නම්. එහෙනම් අපි ගියා. හැම දේම හරියන සුබ දවසක් වේවා... :)

Tag: SentTo Menu Shortcut, Shortcut, Sent To, How To Create Sent To Menu Shortcut, Create Shortcut, Sent To Any Where, Windows
Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.